www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කළුකොටි දිනයදා පිපිරවීමට හදන බෝම්බය පුපුරා තුවාල ලැබූ හිටපු කොටියා මරුට


2020-07-09 07:22:29 -  323 යි

එල්.ටී.ටී.ඊ. කළුකොටි දිනයදා උතුරේ පිපිරවීම් සඳහා බෝම්බ සකසමින් සිටියදී සිදු වූ බෝම්බ පිපිරීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි මේතන් නමැති හිටපු කොටි බුද්ධි අංශ සාමාජිකයා ඊයේ (08 වැනිදා) අලුයම මියගොස් ඇත.


පසුගිය දිනවල යාපනයේදී පොලිස් මාර්ග බාධකයකදී ටින් බෝම්බයක් පුපුරුවා හැරීම, යාපනයේදී හමුදාව ඉලක්ක කර ගනිමින් බෝනික්කෙකු තුළ බෝම්බයක් ඇටවීම, විදුලි පේනුවකට (ජන්සන් බොක්ස්) බෝම්බ ඇටවීම කළේද තමා විසින් බව මේතන් හෙවත් තංගරාසා දේවදාසන් නමැත්තා ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන තිබිණි.

කිලිනොච්චි අයියකච්චි නිවසකදී බෝම්බ සකස් කරමින් සිටියදී ඇති වූ පිපුරුමකින් ඉකුත් සෙනසුරාදා බරපතළ තුවාල ලද මේතන් කිලිනොච්චි රෝහලෙන් අනුරාධපුර රෝහලට මාරු කෙරිණි. බරපතළ පිලිස්සුම් තුවාල නිසා ඇති වූ නිව්මෝනියා තත්ත්වයකින් මොහු මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම පුද්ගලයාගේ නිවසේ තිබී හමු වූ සකස්කළ බෝම්බ, ඒවායේ වෙඩි බෙහෙත් මෙන්ම බැටරිද එක හා සමාන බව හෙළිවී තිබේ.

මේතන් නමැති මෙම හිටපු කොටි සාමාජිකයා එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ කොළඹ මෙහෙයුම්වලට පවා එක් වූ මරාගෙන මැරෙන ත්‍රස්ත පුහුණුව පවා ලද අයකු බවද හෙළිවී තිබේ. 2006 දී කොළඹදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සිව්වැන ඊළාම් යුද්ධයේ අවසන් අදියරේදී ආරක්ෂක අංශවලට භාර වූ පසු ඔහු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇත. 2015 දී පසුගිය රජය මගින් මෙම පිරිස් අධීක්ෂණය ආරක්ෂක අංශවලින් ඉවත් කළ පසුව කොටි ජාත්‍යන්තර ජලාය සමග එක්ව ප්‍රහාර සැලසුම් කර ඇතැයිද හෙළිවී තිබේ.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com