www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගාණ කීයද ඇසූ තරුණයාට ඉල ඇට කැඩෙන තුරු තරුණියක් ගහලා


2020-07-08 08:03:11 -  642 යි

යාපනය ප‍්‍රධාන බස් නැවතුම්පළේ දී තරුණියක් තරුණයෙකුට ඉල ඇට බිඳෙන තුරු පෙරේදා (6 දා) සවස පහර දී තිබේ. ඥාතියෙකුගේ නිවසකට යෑම සඳහා වයස අවුරුදු විසිහයක තරුණියක් සවස් කාලයේදී බස් නැවතුම් පළේ බසයක් පැමිණෙන තුරු බලා සිටි අවස්ථාවේදී ඒ අසලට පැමිණි බීමත් තරුණයකු එම තරුණියගෙන් ඇගේ  ගාන කීයදැයි විමසා තිබේ.
 
 පළමුව තරුණිය නිශ්ශබ්දව සිට ඇති අතර තරුණයා වාර කීපයක්ම එසේ විමසමින් තරුණිය අසලට පැමිණි අවස්ථාවේදී ඇය පහර දී තිබේ. තරුණිය කළ පහරදීම නිසා තරුණයා බිම ඇද වැටී යළි නැගිටීමට උත්සහ කළ අවස්ථාවේදී වෙරිමත නිසා අසල වූ කාණුවකට ඇද වැටී තුවාල ලබා තිබේ.
 
 බස් නැවතුම්පළේ සිටි පිරිසක් තරුණයාව රෝහල් ගතකොට ඇති අතර තරුණියට අදාළ බස් රථය පැමිණීමෙන් පසුව ඇය එහි නැග සිය ඥාතියාගේ නිවසට ගොස් තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com