www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නැගෙනහිර ඇමැතිවරයෙක් වැලි බලපත්‍ර අත්හිටුවා හිතවතෙකුට වැලි කැපීම භාර දීලා


2020-07-06 11:05:38 -  307 යි

මැතිවරණය ප්‍රකාශයට පත් කළ විගස නැගෙනහිර කලාපයේ වැලි කැණීමේ බලපත්‍ර අත්හිටුවූ ප්‍රබල ඇමැතිවරයෙක් ඔහුගේ හිතවතුන්ට පමණක් බලපත්‍ර ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇත.

නැගෙනහිර පළාතේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්. සුධාකරන්  සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මෙම ඇමැතිවරයා සිය හිතවතුන්ට පමණක් වැලි කැපීමට අවස්ථාව ලබා දී ඇති බවත්ය.

මැතිවරණ කොමිසමට ලැබුණ පැමිණිල්ලට අනුව වැලි ව්‍යාපාරයේ නිරත සිය සමීප හිතවතකුට අනුග්‍රහයක් වශයෙන් මැතිවරණ කාලයට අදාළ වන පරිදි කලාපයේම වැලි කැණීමේ බලපත්‍ර අහෝසි කරන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශයට මෙම දේශපාලනඥයා වාචිකව නියෝග කර තිබේ. දුරකථනයෙන් මෙම නියෝගය ලබා දී ඇති නමුත් ඊට අදාළව විධිමත් ලිපියක් හෝ චක්‍රලේඛයක් නිකුත් කර නොමැත.

මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කළ විගස බලපත්‍ර අත්හිටුවීම පිළිබඳව භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා ඇතැයි ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය. එසේම මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි ද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රතිචාරයක් ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත්  පැවැසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com