www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇත් දළ දෙකක් සමග කතරගම මහ දේවාලයේ කපුවා කොටුවෙයි


2020-06-29 10:07:11 -  301 යි

නීති විරෝධි ලෙස ඇත් දළ දෙකක් ළඟ තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරිහු පසුගියදා සමත් වූහ.

හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28 වැනිදා) සවස මෙම වැටලීම කර තිබේ. කතරගම නගරය ආසන්නයේ ඇති අදාළ කපුමහතාගේ නිවස පරීක්ෂා කිරීමේදී සෙන්ටිමීටර් 94 ක් හා සෙන්ටිමීටර් 101.5 දිග මෙම ඇත් දළ යුගල සොයා ගත් බව වනජීවී නිලධාරීහු පැවැසූහ.

අදාළ ඇත් දළ යුගල ළඟ තබා ගැනීම සඳහා සකස්කර තිබූ ව්‍යාජ සහතිකපත් කිහිපයක්ද වන ජීවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කතරගම වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com