www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රංගජීවගේ පවුලේ අය මරන්න


2020-06-23 07:56:20 -  680 යි

මරණ දඬුවම නියමවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේසුදා නමැත්තා සමග පොලිස් නිලධාරීන් සම්බන්ධතා පවත්වන අයුරු සටහන් වන හඬපට දෙකක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (22වැනිදා) ප්‍රචාරය කෙරිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් අදාළ හඬපට ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කර තිබිණි.

මීට වසර අටකට පමණ ඉහතදී එනම් 2012 ඔක්තෝබර් 29 වැනිදා පස්වරු 3.00ට පාකිස්තානයේ සිට වෙලේසුදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකු සමග දුරකථනයෙන් පවත්වන සංවාදයකට අදාළ හඬ පටයද වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල සිදුවූ 2012 නොවැම්බර් 09 වැනිදා රාත්‍රී 9.00ට පමණ වෙලේසුදා පොලිස් නිලධාරියකු අමතන හඬපටයක්ද මෙලෙස කොමිසම හමුවේ ප්‍රචාරය කෙරිණි.

ගෝඨාභය රාජපක්ෂ විසින් වැලිකඩ රැඳවියන්ව වෙඩි තබා මරා දමන්න කියා නාකොටික් නිලධාරීන්ට කිව්වා කියා කතාවක් ප්‍රචාරය කරන ලෙස උපදෙස් දෙන අයුරු එක් හඬපටයක දැක්වෙන අතර අනෙක් හඬ පටයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිව සිටි රංගජීව හෝ ඔහුගේ පවුලේ අයකු මරා දමන ලෙසට වෙලේසුදා පවසන මෙම හඬපටවල සටහන්ව තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com