ශ්‍රී ලංකා රජයට හා හමුදාවන්ට සාවද්‍ය චෝදනා නගමින් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසන්නට වෙර දරන ජාත්‍යන්තර සංවිධානවලට එරෙහි නීතිමය කටයුතු කිරීම සඳහා නීතිඥවරුන් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටිති.
ජස්ටිස් ෆෝ ශ්‍රී ලංකා (J4SL) යන නමින් නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම නොමිලේ නීති සහාය දීමට හා අධිකරණ කටයුතුවලට ඉදිරිපත්වීමට එකඟතාව පළ කර ඇත.
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ ජීවිතයට හානියක් වන සේ සාවද්‍ය චෝදනා එල්ල කළ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාට එරෙහිව නීතිමය පියවර ගැනීමටද මෙම සංවිධානය කැමැත්ත පළ කර ඇත. හමුදා ඉතිහාසයේ පළමු වරට සේවයේ නියුතු නිලධාරියකු ලෙස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා යස්මින් සුකාට එන්තර වාසියක් යවා තිබිණි.