www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පිටසක්වළින් පැමිණි බව කියන අබිරහස් යානා පිළිබඳ බිහිසුණු ඇත්ත මෙන්න


2020-06-18 13:42:17 -  533 යි

හඳුනා නොගත් පියාසර වස්තූන් දශක ගණනාවක් තිස්සේ මහජනතාවගේ අවධානය දිනාගෙන ඇත. මේ පිළිබඳ අනාවරණයන්ද ඉහළ යමින් පවතින අතර තාරකා හඹා යන අමුත්තන් දුරින් සිට අපගේ මිත්‍රශීලී අහස හරහා පෘථිවියට ඇතුළුව එහි තොරතුරු නිතර විමසමින් සිටින බවටත් වූ තොරතුරු කිහිපයකි. 

අනෙක් අතට පිටසක්වළ නියමුවන් ලෙස කටයුතු කරන අය අපම විය හැකිය යන්නද කියැවේ. කාලයත් අවකාශයේ භූ දර්ශනයත් ප්‍රගුණ කළ අපගේ අනාගත පරම්පරාව සමහර විට අමුතු සත්ත්වයන් සමඟ සම්බන්ධ වන පුද්ගලයන්ගේ වාර්තා අනුව සොයාගනු ඇතැයිද පැවසේ. 

එහෙත් මෑතකදී නිකුත් වූ කෘතියක් වන හඳුනාගත් පියාසර වස්තූන් සංසිද්ධියට බහුකාර්ය විද්‍යාත්මක ප්‍රවේශයක් 2019හි මෙම අපේක්ෂාවන් දෙස නැවුම් බැල්මක් හෙළමින් කල්පනාකාරී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරයි. 

එමඟින් තර්ක කරන්නේ පිටසක්වළ නියමුවන් විසින් කාල නියමය නියම කරනු ලැබිය හැකි බවයි. බුටෙහි මොන්ටානා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාත්මක මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන මයිකල් මාස්ටර්ස් විසින් මෙම පොත ලියා ඇත. ඔවුන් සිතන්නේ විද්‍යාව, තාක්ෂණය සහ ඉන්ජිනේරු විද්‍යාවේ වෙනස් වීමේ වේගයට අනුව අනාගතයේ සිටින මිනිසුන්ට අතීතයට ආපසු යෑමට අවශ්‍ය දැනුම හා යන්තේ‍රා්පකරණ දියුණු කළ හැකි බවයි. එම අදහස මේ වනවිටත් වඩාත් සංවාදයට පත් වෙමින් පවතියි.

මෙම සංසිද්ධියේ ඇති අමුත්ත අවබෝධ කරගැනීම සඳහා මම බහුවිධ ප්‍රවේශයක් ගත්තා යැයි මාස්ටර්ස් නමැත්තා ස්පේස්.කොම් වෙත පැවසීය. 

විද්‍යාඥයන් වශයෙන් අපගේ කාර්යය වන්නේ විශාල ප්‍රශ්න ඇසීම සහ නොදන්නා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට උත්සාහ කිරීමයි. මෙහි යමක් සිදුවෙමින් පවතී. අප මේ පිළිබඳව සංවාදයක් පැවැත්විය යුතුය. එය කුමක්දැයි සොයා ගැනීමට අප පෙරමුණ ගත  යුතුය. ඒ අනුව පිටසක්වළ කතාව තවත් ඉදිරියට ඇදී යන බවක් පෙනෙයි. 

මෙම පිටසක්වළ ආගන්තුක අමුත්තන් පිළිබඳව සඳහන් කරමින් මාස්ටර්ස් කියා සිටින්නේ විශාල මොළයක්, විශාල ඇස්, කුඩා නාසය සහ කුඩා මුඛ ඇති ද්වි-පාද, හිසකෙස් නැති, මිනිසුන් වැනි මිනිසුන් ලෙසය. තවද බොහෝ විට මේ ජීවීන්ට අප සමඟ අපගේම භාෂාවලින් කතාබහ කරගත හැකි, අදහස් හුවමාරු කරගත හැකි තාක්ෂණයක් ඇති බවය. 

මානව පරිණාමය පුරා දීර්ඝකාලීන ජෛව සංස්කෘතිකමය වෙනසක අඛණ්ඩ රටාවන් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් තුළින් මෙන්ම කාලය හා කාල ගමන් පිළිබඳ අපගේ අවබෝධයේ මෑතකාලීන දියුණුව පිළිබඳව මාස්ටර්ස් විශ්වාස කරන්නේ දැනට විස්තර කර නොමැති සංසිද්ධියක සන්දර්භය තුළ මෙම අනාගත හැකියාව සලකා බැලීමට පටන්ගත හැකි බවක්ය.

අපගේ පරිණාමීය ඉතිහාසයේ දන්නා කරුණු මෙම පොත යූ.එෆ්.ඕ. සහ පිටසක්වළ ජිවීන්ගේ තවමත් ඔප්පු කර නොමැති, තහවුරු නොකළ අංගයක් සමඟ සම්බන්ධ කරයි යනුවෙන් ඔහු පැවසීය. 

අපි මෙහි සිටින බව අපි දනිමු. මිනිසුන් සිටින බව අපි දනිමු. මේ පෘථිවියේ අපට දිගු පරිණාමීය ඉතිහාසයක් ඇති බවත් අපි දනිමු. තවද අපගේ තාක්ෂණය අනාගතයේදී වඩාත් දියුණු වනු ඇති බවත් අපි දනිමු. මම හිතන්නේ සරලම පැහැදිලි කිරීම අනුව සහජයෙන්ම එය අපමයි. මම උත්සාහ කරන්නේ මීට වඩා වෙනස් ඇදහිය නොහැකි දෙයක් ඉදිරිපත් කිරීමටයි.

අප්‍රිකාව, ප්‍රංශය සහ එක්සත් ජනපදය පුරා පුරාවිද්‍යාත්මක කැණීම් රාශියක් මෙහෙයවා ඇති මානව විද්‍යාඥයකු ලෙස මාස්ටර්ස් මහතා නිරීක්ෂණය කරන්නේ වර්තමානයේ සංචාරය කිරීමේ තාක්ෂණය අප සතුව තිබේ නම් අපේම පරිණාමීය ඉතිහාසය ගැන තව කොපමණ ප්‍රමාණයක් ඉගෙනගත හැකිද යන්න සංකල්පනය කිරීම පහසු බවය. 

පිටසක්වළින් පැමිණි පෘථිවිවාසීන් පැහැරගෙන යෑමේ කතා බොහෝදුරට විද්‍යාත්මක ස්වභාවයක් ලෙස ගත හැකියි. බොහෝ විට අනාගත මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන්, වාග් විද්‍යාඥයන් තොරතුරු ලබා ගැනීම සඳහා නැවත පැමිණෙන්නේ එම තාක්ෂණයට ප්‍රවේශ නොවී අපට දැනට නොහැකි ආකාරයට විය හැකියි යනුවෙන් මාස්ටර්ස් පැවැසීය.

එයින් කියැවෙන්නේ එහි යම් අංගයක් සංචාරක කර්මාන්තයද යැයි මම සිතමි අනාගතයේදී ඉතිහාසයේ ඔවුන්ගේ ප්‍රියතම කාල පරිච්ඡේදය නැවත බැලීමට සහ නැරඹීමට අවස්ථාව ලබා ගැනීම සඳහා විශාල මුදලක් ගෙවන අය සිටින බවට සැකයක් නැත. වඩාත් ජනප්‍රිය සංචාරක ස්ථාන සමහරක් පේරුහි ගීසා සහ මචු පික්චු පිරමීඩ වේ. පැරැණි සහ ප්‍රාග් ඓතිහාසික අඩවි මීට ඇතුළත් වේ. 

මාස්ටර්ස් ඔහුගේ පිටසක්වළ පර්යේෂණය විකාශනය වන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වයි. නිසැකවම තවමත් ප්‍රහේලිකා අඩු වී නැතැයි ඔහු පැවැසීය. අපට තවම නොතේරෙන කාලය පිළිබඳ අංශ තිබේ. අවශ්‍ය වන්නේ එය පැහැදිලි කර ගැනීමටයි.

අවශ්‍ය වන්නේ ක්වොන්ටම් ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යායක් වන අතර අපට සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඒකාබද්ධ කළ හැකිය. මම උත්සාහ කරන්නේ වර්තමාන විද්‍යාත්මක දැනුම මත පදනම්ව මට කළ හැකි හොඳම ආකෘතිය ඉදිරිපත් කිරීමටය. කාලයත් සමඟ අපට මෙය තවදුරටත් ගොඩනඟාගත හැකියි. 

ඔහු දක්වන අදහසෙහි නව ප්‍රවේශයට අනුව බහුවිධ විද්‍යාත්මක ප්‍රවේශයක් භාවිත කිරීම මෙම අබිරහස එකවරම විසඳීමට අවශ්‍ය වනු ඇති බවක් පවසයි. 

විවිධ හැඩැති වස්තූන් මෑතකදී ජෙට් ප්‍රහාරක ගුවන් නියමුවන් සහ රේඩාර් ක්‍රියාකරුවන් විසින් අහස හරහා ගමන් කරන බව වාර්තා වීම කුහුල දනවන්නකි. පෙන්ටගනයේ උසස් අභ්‍යවකාශ තර්ජන හඳුනා ගැනීමේ වැඩසටහන නිර්මාණය කරන ලද්දේ හඳුනා නොගත් ගුවන් සංසිද්ධි පිළිබඳ පර්යේෂණ කිරීම සහ විමර්ශනය කිරීම සඳහාය. වාර්තා වූ හමුවීම් පිළිබඳ වීඩියෝ දර්ශන රාශියක් ඇතුළුව ඒවායින් තුනක් 2017දී මහජනයාට නිකුත් කිරීම විවාදයට බඳුන් වී ඇත. 

මෙම පොතේ බැරෑරුම් ලෙස සැලකිය යුතු කිසිවක් නොමැත. මන්දයත් එය කාල චාරිකාව කළ හැකි දෙයක් පමණක් නොව සැබෑවක්ද යන විශ්වාසය මත රදා පවතින බවට අර්ථ දක්වන නිසාය. 

පිටසක්වළ ජීවීන්ගේ පරිණාමීය ඉතිහාසය සාක්ෂිකරුවන්ගේ විස්තරවලින් උපුටා දැක්වීමට මාස්ටර්ස් උත්සාහ කරන බවත් එවැනි වාර්තා වචනාර්ථයෙන් ගත යුතු යැයි යෝජනා කෙරෙන්නේ ඒ අනුවය. ඩේවිඩ් ඩාර්ලිං යනු බි්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයකු හා විද්‍යා ලේඛකයෙකි. ඔහු ගුරුත්වාකර්ෂණය, භෞතික විද්‍යාව සහ තාරකා ජීව විද්‍යාව සිට පිටසක්වළ ජීවීන් දක්වා මාතෘකා රාශියක් පිළිබඳව පොත් රචනා කර ඇත.

මම බොහෝ විට සිතුවේ සමහර පිටසක්වළ යාත්‍රා නම්, ඒවා අපේ තාරකාවල අභ්‍යාවකාශ යානාවලට වඩා අපේ අනාගතයේ කාල යන්ත්‍ර විය හැකි යැයි සිතීම සාධාරණය කියලයි වශයෙන් ඩාර්ලිං ස්පේස්.කොම් වෙත පැවැසීය. ඩාර්ලිං පැවැසුවේ පිටසක්වළ යානා පිළිබඳ සමහර ගුවන් සංසිද්ධීන් පහසුවෙන් හඳුනාගත නොහැකි වුවද අවම වශයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි බවය. 

පියාඹන පීරිසි සහ විශාල මොළ සහිත පිටසක්වළ ජීවීන්ගේ ජනප්‍රිය මිථ්‍යාවන්ට පිටින් ඒවා පවතින බවට වන වටිනා විශ්වසනීය සාක්ෂි නොමැත යනුවෙන් ඩාර්ලිං පැවැසීය.

පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් දක්වන විශ්‍රාමලත් නාසා අභ්‍යාවකාශ ඉන්ජිනේරුවරයකු වන ලැරී ලෙම්කේ, අනාගත කුතුහලය දනවන කාලයෙන් ගමන් කරන අමුත්තන්ගේ අපේක්ෂාව ගැන විස්තර කරයි. දශක ගණනාවක දර්ශනවලින් පැහැදිලි වී ඇති එක් දෙයක් නම් ඔබ වාර්තා විශ්වාස කරන්නේ නම්, මෙම වස්තූන් වායුගති විද්‍යාවේ සහ නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සුපුරුදු නීතිවලට අවනත වන බවක් නොපෙන්වන බවයි  යන්න ලෙම්කේ පැවැසීය. ස්වාභාවික ලෝකය, බලය, ස්කන්ධය සහ චලිතය අතර අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය සහ පණුවා සහ කාච කුහර වැනි එහි ප්‍රතිවිපාක මෙන්ම ඇල්කියුබියර් වෝර්ප් ඩ්‍රයිව් බුබුල වැනි වෙනත් විදේශීය භෞතික විද්‍යාත්මක අදහස්ද මැන බැලීමෙහිදී කළ හැකිය. 

මෙම විෂයය පිළිබඳව චින්තකයන් පිරිසක් සිටින අතර සමහර පිටසක්වළ වාර්තා අනුව ඇත්ත වශයෙන්ම සාමාන්‍ය සාපේක්ෂතාවාදී බලපෑම් මෙන් පෙනේ යනුවෙන් ලෙම්කේ පැවැසීය. 

අපට කොතරම් දැනුමක් තිබුණත් අප දන්නා බව අප කොතරම් සිතුවත්, සෑම විටම ඔබ්බට යම් දේශසීමාවක් තිබේ. මෙහිදී එය අමතක කළ නොහැකි කියමනකි. එබැවින් අනාගත පරපුර කාල තරණයේ රහස්ද, ශබ්ද ශක්තියේ ගැඹුරද, සක්වළ තරණයේ අත්දැකීම්ද සහිතව පිටසක්වළ ජීවීන් ගැන වූ කතාවට අරුතක් සපයනු ඇත.

 

එස්. රණසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com