www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රහස් පොලිසියේ බව පවසා ජාත්‍යන්තර පොලිස් හැඳුනුම්පතක් ගන්න ගිය අයෙක් අත්අඩංගුවට


2020-06-16 13:31:39 -  218 යි

රහස් පොලිසියේ බව පවසා ජාත්‍යන්තර පොලිස් හැඳුනුම්පතක් ලබා ගන්න ගිය 23 හැවිරිදි අයෙකු බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමයේදී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන බවට පවසා ඇතත් ජාත්‍යන්තර පොලිස් සංගමයේ නිලධාරීන්ට ඇති වු සැකයක් මත නාරාහේන්පිට පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (16) මාලිකාන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com