www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජාතික රෝහලේ දොස්තරලා ප‍්‍රශ්නාර්ථ සලකුණු කළත් සහරාන්ගේ සහෝදරයා ගැන සොයා බලා නෑ


2020-06-13 11:08:58 -  271 යි

පිපිරීමකින් තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සහෝදරයා වූ රිල්වාන් 2018 අගෝස්තු 27 වැනිදා එම්. අයි. ශාහිඞ් යන නමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ (12 දා) අනාවරණය විය.
 
ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් තුවාල ලැබූ බව පවසා රෝහල් ගත වූ රිල්වාන්ගේ මුහුණේ වම් පස ඇස ප‍්‍රදේශයට සහ දෑත්වලට තුවාල සිදුව තිබී ඇති අතර, එම තුවාල සඳහා ප‍්‍රතිකාර කළ සෑම වෛiවරයකුම එම තුවාල ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වූ බව සඳහන් කළ සෑම අවස්ථාවකදීම ප‍්‍රශ්නාර්ථ ලකුණ සටහන් කළත්, රෝහල් පොලිසිය විසින් ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීමක් සිදුකර නොමැති බව ද කොමිෂන් සභාවේදී හෙළි විය.
 
 රිල්වාන්, ශාහිඞ් යන නමින් රෝහල්ගතවීමේදී අංක 14, දෙල්ගහගොඩ, හිඟුල යන ලිපිනය ලබා දී ඇති අතර, කොමිසමේ සභාපතිවරයා විසින් කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් අධිකරණ වෛi නිලධාරි අජිත් තෙන්නකෝන් මහතාගෙන් විමසා සිටියේ, රිල්වාන්ට නැෙඟනහිර ප‍්‍රදේශයේදී තුවාල සිදු වූයේ නම් ඔහුට සිදු වී ඇති තුවාලවල ස්වභාවය අනුව ඔහු කොළඹ ප‍්‍රදේශය දක්වා ගෙන ඒමේ හැකියාවක් තිබුණේ ද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් අධිකරණ වෛiවරයා ප‍්‍රකාශ කර සිටියේ සිදු වී ඇති තුවාලවල ස්වභාවය අනුව පැය 7 ක 8 ක කාලයක් ප‍්‍රතිකාර ලබා නොගෙන සිටීමේ හැකියාවක් පවතින බවයි.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් අධිකරණ වෛiවරයාගෙන් රිල්වාන්ට සිදු වී ඇති තුවාල ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වී ඇති බව නිගමනය කළ හැකි ද යන්න විමසා සිටි අතර, සාක්‍ෂිකරු ඊට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ සියලූ කරුණු අධ්‍යයනය කළ පසු එම තුවාල ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් සිදුවිය නොහැක යන මතයේ තමා සිටින බවයි. කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණය වූයේ, රිල්වාන්ගේ වෛi වාර්තාවේ වැඩිදුර පර්යේෂණ අවශ්‍ය නොවන බව සඳහන් වන බවයි. එසේ වුවද එම සටහන තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පැහැදිලිව හඳුනා ගැනීමට කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් අධිකරණ වෛiවරයාට ද නොහැකි විය.
 
 සති තුනක පමණ කාලයක් වාට්ටු කිහිපයකම රිල්වාන් ප‍්‍රතිකාර ලබා ගෙන ඇති අතර, එම කාලයේදී විශේෂඥ වෛiවරුන් සහ වෛiවරියන් වන සංජීව ගුරුසිංහ, ස්වර්ණ කුමාර්. අයි. විජේමාන්න, දයාසේන, ලලිත් පෙරේරා, කුෂාන් බෙනරගම, රාජමන්ත‍්‍රී, චන්දනී පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් ප‍්‍රතිකාර ලබා දී ඇති බවත් කොමිෂන් සභාව හමුවේදී හෙළි විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com