www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරගෙදර දුරකතනයක් ලක්ෂ 5යි


2020-06-02 21:07:06 -  700 යි

රුපියල් ලක්ෂ 5ක මුදලක් ඇතැම් ජේලර්වරුන්ට ලබා දීමෙන් පසු සමහර සිරකරුවන්ට ජංගම දුරකථනයක් බන්ධනාගාර තුළට ගෙන යා හැකි බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරියකු මාධ්‍ය වෙත ප්‍රකාශ තර තිබෙනවා.

මෙරට දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින ඇතමුන් ජංගම දුරකථන භාවිතා කරමින් බන්ධනාගාරවල බිත්ති ඇතුළත සිට නීති විරෝධී ව්‍යාපාර කටයුතු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එම ප්‍රකාශකයා අනාවරණය කළ බවයි.

හෙරොයින් ග්‍රෑම් 10 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත මෙම වසර මුලදී වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පොලීසිය පැවසුවේ පාතාල පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇති බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් පිළිබඳව ඔවුන් විමසිල්ලෙන් සිටින බවයි.

සමහර සිරකරුවන් එවැනි දුරකථන භාවිතා කරමින් විදේශයන්හි සිටින්නන් සමගද සම්බන්ධතා පවත්වන බව එම නිලධාරියා සදහන් කර තිබෙනවා.

එවැනි සිදුවීම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු වැලිකඩ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව පෙන්වා දී ඇති එම නිලධාරියා බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සාමාජිකයින් බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම මත ඔවුන්ගේ සිරකුටිවල සිට වෙළඳාමේ නිරත වන බවද පවසා තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com