www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කන්ජිපානි CCTV රෙදිවලින් වසයි..හිරේ සිට මාළිගාවත්ත වෙඩිතබා හොල්ලයි


2020-06-02 10:06:21 -  734 යි

බන්ධනාගාර කේන්ද්‍රකරගෙන සිදුවන සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියා ඇතුළු සියලු නීතිවිරෝධී කටයුතු නැවැත්වීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙනවා.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා, එම අමාත්‍යාංශ ලේකම් එස්.එම්. මොහමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා පැවැත්වූ සාකච්ඡාවක දී ජනපතිවරයා මෙම නියෝගය කර තිබේ. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ද මෙම සාකච්ඡාවට එක්වී සිටියා.

බන්ධනාගාරයේ සිට ජංගම දුරකතන උපයෝගී කරගෙන කරන පාතාල ක්‍රියාකාරකම් ගැන ජනපතිවරයා නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මත්කුඩු ජාවාරම් හා පාතාල ක්‍රියා මෙහෙයවන පාතාල ප්‍රබලයකු වන කන්ජිපානි ඉම්රාන් බූස්සේ බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා සිටියදීත් ජංගම දුරකතන පාවිච්චි කිරීමත් සිරමැදිරි නිරීක්ෂණය කිරීමට යොදා ඇති සී.සී.ටී.වී. කැමරා වැසෙන ලෙස රෙදි වැල්වලින් තිරයක් යෙදවීම ඇතුළු කරුණු සම්බන්ධව නිදහසට කරුණු විමසීමටද ජනපතිවරයා නියෝග කර තිබුණා.

කන්ජිපානි ඉම්රාන් සිරමැදිරිය වැසෙනසේ සිර මැදිරිය ඉදිරියේ දැමූ රෙදි වැල් ගැලවීමටත් බැරි නම් බූස්ස පාලනය කිරීමට අධිකාරීවරයෙක් කුමකටදැයි ජනපතිවරයා මෙහිදී ප්‍රශ්න කර තිබෙනවා. මාලිගාවත්තේ දී ඉකුත්දා පාතාල වෙඩි තැබීම මෙහෙයවා තිබුණේ කන්ජිපානි ඉම්රාන් බව හෙළි වුණා.

බූස්ස බන්ධනාගාරයට අලුතින් නිලධාරීන් යෙදවීම සම්බන්ධව මෙහි දී යෝජනා වී තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com