www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඊයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පාතාල සබඳතා ඇති අයෙක් බවට හෙළි වෙයි


2020-05-31 20:23:08 -  399 යි

මාලිගාවත්ත - ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි වැදීමට ලක්ව මේ වනවිට කොළඹ ජාතික රෝහල් ප්‍රතිකාර ලබන පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු බවට අනාවරණ වී තිබේ.

 

ඊයේ(30) පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 35 හැවිරිදි අබ්දුල් රවූෆ් නමැති මෙම පුද්ගලයා බරපතල තුවාල ලැබුවා. 

 

එම නිවාස සංකීර්ණයේ පළමුවන මහලේ පදිංචි ඔහු කිසියම් පිරිසක් විසින් 10 වන මහලට කැඳවාගෙන ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

 

ඔහු, ඝාතනයට ලක්වූ මාමස්මි සහ දැනට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවට විශ්වාස කෙරෙන බයියා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com