www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේදී පොලිසියේ SIට කඩු ප්‍රහාරයක්


2020-05-25 12:51:42 -  494 යි

යාපනයේ කන්කසන්තුරේ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුව කඩුවකින් කපා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තුන් දෙනෙකු කන්කසන්තුරේ පොලීසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ කීරමලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත මුතුලිංගම් උදයශාන්තන් නැමති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අදාල ස්ථානයට ගිය අවස්ථාවේදී ගැටුම ඇති කරගෙන තිබූ දෙපාර්ශ්වයෙන් එක් අයෙකු කඩුවකින් උප පොලිස් පරීක්ෂකවරයාට පහර දී තිබෙනවා.

පහර කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා දුව ගොස් අසල නිවසක උදවියගෙන් උදව් ඉල්ලා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගෙන තිබෙනවා.

නිවැසියන් මෙම පොලිස් නිලධාරියාව ඔවුන්ගේ නිවස තුලට දමා දොර වසා කඩුවක් රැගෙන උප පොලිස් පරීක්ෂකවරයා පසු පස එළවූ තැනැත්තාට විරෝධය පෑමත් සමග ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

තුවාල ලැබූ උප පොලිස් පරික්ෂකවරයා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කරන ලද අතර පසුව ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කන්කසන්තුරේ පොලීසිය CCTV කැමරා හා මහජනතාවගෙන් ලද තොරතුරු මත යාපනයේ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලීසිය පියවර ගෙන තිබෙනවා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com