www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගිලන්රථ රියදුරුට පහර දුන් PHI සිරගත කරයි


2020-05-25 10:44:07 -  332 යි

ගිලන් රථයක් ධාවනය කළ රියදුරෙකුට යක්කල බැලූම්මහර ප‍්‍රදේශයේදී පහර දුන් අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයට අනියුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් ගම්පහ වැඩ බලන මහේස්ත‍්‍රාත් මහේෂ් හේරත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයකට අනුවයි.

එලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගමන් කරමින් තිබූ ගිලන් රථයක් ධාවනය කළ රියදුරෙක්.

සිය මෝටර් රථයට මාර්ගයේ ඉඩ නොදීම හේතුවෙන් කෝපයට පත් වූ සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, මෝටර් රථයෙන් ගිලන් රථය අවහිර කර නවතා තවත් පුද්ගලයෙකු සමග, ගිලන් රථයේ රියදුරුට පහර දී තිබුණා.

එමෙන්ම, ගිලන් රථ රියදුරාට අයත් රුපියල් 45,000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් පොළොවේ ගසා අලාභහානි කළ බවට ද සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com