www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාවික සෙබළාගේ බිරියට අතවර කරන්න ආ අසල්වැසියාගේ රහසඟ කපලා


2020-05-18 20:48:53 -  1663 යි

නාවික හමුදා බිරියකට අතවර කිරීම සඳහා පැමිණි පුද්ගලයකුගේ ශරීරය කපා තුවාල කිරීමේ සිද්ධියක් ගලේවෙල පොලිස් වසමෙන් වාර්තා වෙයි. රහසඟ කපා දැමූ බව කියන තරුණයා දඹුල්ල මූලික රෝහලේ ශල්‍ය කර්මයකට භාජන කරමින් ප්‍රතිකාර ලබන බව ගලේවෙල පොලිසිය කියයි. ගලේවෙල පොලිස් බලප්‍රදේශයට අයත් ගම්මානයකින් මෙම සිදුවීම වාර්තා වී ඇතැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පවසයි. 

මධ්‍යම රාත්‍රියේ සිය දරුවන් දෙදෙනා සහ සැමියාගේ මව, පියා සමඟ සෙබළාගේ බිරිය නිවෙසේ සිටියදී ‍ෙදාරට තට්ටු කළ අයකු හදිසියක් බව පවසා තිබේ. එහිදී අසල්වැසියකුගේ කටහඬ නිසා සෙබළාගේ බිරිය ඉදිරිපස ‍ෙදාර විවෘත කොට ඇතැයිද තියුණු පිහියක් රැගෙන විත් සිටි සැකරු එකවරම පිහිය ගෙල ප්‍රදේශයට තබා නිවෙස පිටුපසට ඇදගෙන ගොස් ඇතැයි පොලිස් පැමිණිල්ලේ සඳහන්ව තිබේ. 

පසුව ඔහුගෙන් ගැලවීම සඳහා දැඩි උත්සාහයක් දැරූවද එකවරම හමුදා සෙබළාගේ බිරිය බිම තිබූ තියුණු පිහිය රැගෙන සැකකරුගේ රහස් ප්‍රදේශය කපා වහාම ගෙට දිවගොස් මවුපියන්ට සහ දරුවන්ට කතා කොට තිබේ. කෑ ගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ මෙම නිවෙස පිටිපස වැටී සිටි පුද්ගලයා ගලේවෙල රෝහලට රැගෙන ගොස් තිබේ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යවා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පැවැසීය. 

දඹුල්ල - කේ.කේ. ආරියදාස

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com