www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් ස්වාමින්වහන්සේලා නමින් EZ cash මුදල් මංකොල්ලයක්


2020-05-18 12:28:44 -  513 යි

රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් ස්වාමින්වහන්සේලා ඔබ අමතන බව දන්වා විවිධ දුරකථන අංක යොදාතන ගනිමින් එම ස්වාමීන් වහන්සේලා ගේ අවශ්‍යතා වෙනුවෙන් බව පවසා මුදල් කොල්ල කැමක් පිළිබඳව තමන්ට පැමිණිලි ලැබී ඇතැයි රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ  ඹළුගල මහතා සඳහන් කළා .

                           මෙම මුදල් මංකොල්ලය සිදු කරනු ලබන්නේ EZ cash හරහා බව මේ වන විට අනාවරණය වී ඇතැයි ඒ මහතා සඳහන් කළා   .

                         මෙවැනි දුරකථන ඇමතුමක් ලදහොත් ළඟම පිහිටි පොලීසිය දැනුවත් කරන ලෙසත් ඹබට කතා කලා යයි පවසන ස්වාමීන් වහන්සේව වහම දැණුවත්   කිරිමට පියවර ගන්නා ලෙස රත්නපුර  පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

                             එසේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් මෙසේ මුදල් ඉල්ලා නොසිටින අතර ඉදිරියේදී වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වලින්ද  ඇමතුම් ලැබීමට ඉඩ ඇති හෙයින් මෙම අපරාදේ යෙදෙන මුදල් කොල්ල කරුවන් ගේ ගොදුරක් බවට පත් වීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් රත්නපුර පොලිස්   මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ ඕලුගල මහතා ඉල්ලීමක් කරයි  

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com