www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජය ශ්‍රී මහා බෝධියට එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තයන් පහරදී අදට වසර 35ක්


2020-05-14 09:45:39 -  300 යි

මැයි මස 14 වෙනිදා වන අද වැනි දිනයකදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේදී එල්ටිටිඊ සංවිධානය විසින් සිදු කළ මහා මිනිස් සංහාරය සිදුවී අදට වසර 35ක් ගත වෙනවා. අනුරාධපුරය නගරයේ බස් නැවතුම්පළට කඩා වැදුණු කොටි ත්‍රස්තයින් පළමුව එහි සිටි මගීන්ට වෙඩි තබා ඝාතනය කොට එහි නවතා තිබු ලංගම බස් රථයක් පැහැර ගෙන ජය ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කර තිබුණා. එලෙස පැමිණි ඔවුන් ජය ශ්‍රී මහා බෝධිය අසල ආගමික වතාවත් වල යෙදී සිටි භික්ෂුන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන් 80 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කොට යලි පළා ගියේ විල්පත්තුව අභය භූමියටයි.

 

විල්පත්තුව අභය භූමියද ලෙයින් තෙත් කළ කොටි ත්‍රස්තවාදීන් එහිදී වනජීවී නිලධාරීන් ඇතුළු සාමාන්‍ය වැසියන් 18 දෙනෙක් ඝාතනය කරනු ලැබුවා. කොටි ත්‍රස්තවාදීන් විසින් සිය ඊළාම් සිහිනය කරා යන ගමනේදී තම බල ප්‍රදේශයෙන් පිටතදී සිදුකළ පළමු ප්‍රහාරය මෙයයි. එමෙන්ම මෙම ප්‍රහාර තුනේදී ජිවිතක්ෂයට පත්වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 146ක් බවයි වාර්තා වන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com