www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුදුකුඩිඉරිප්පුවෙන් කොටි සංවිධානයේ නිල ඇඳුම්, වීඩියෝ පට ඇතුලු උපකරණ තොගයක් හමුවෙයි


2020-05-12 14:05:02 -  382 යි

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන ලද නිලඇඳුම් හා වීඩියෝ පට ඇතුලු උපකරණ තොගයක් ඊයේ (11) දින හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

පුදුකුඩඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ ගෙවත්තක නිවෙස් හිමියා විසින් ඉඩම සකස් කරන අවස්ථාවේදී වලදමා තිබූ පෙට්ටියක් හමු වී ඇති අතර එහිදී එම පෙට්ටිය පිළිබඳව පුදුකුඩඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.

පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ පෙට්ටිය ගෙන පරික්ෂා කිරීමේදී පෙට්ටිය තුල තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන ලද නිලඇඳුම් 04 ක්, සිවිල් ඇදුම් කිහිපයක්, කොටි සංවිධානයේ හිස්වැසුම් 04ක්, වීඩියෝපට තොගයක්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලියකියවිලි තොගයක් ඇතුලු උපකරණ තොගයක් හමු වී ඇත.

අවසන් යුද සමයේදී කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් මෙම නිලඇඳුම් හා උපකරණ පසු ප්‍රයෝජනය වෙනුවෙන් වලදමන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කරන අතර හමු වූ නිලඇඳුම් ඇතුලු උපකරණ තොගය මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com