www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ කඩු කල්ලියකින් ප්‍රහාරයක්


2020-05-12 13:43:57 -  337 යි

යාපනය නල්ලූර් චෙම්මිණි ප්‍රදේශයේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි අයෙකුට ඊයේ (11) රාත්‍රියේ තියුණු අයුධ රැගත් කල්ලියක පහරදීමක් හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල ත්‍රී රෝදරථ රියදුරු චෙම්මිණි මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදි 10 කින් 15 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් තියුණු ආයුධ සමගිව් එක වරම පැමිණ තමන්ට පහර දුන් බවටත් එසේ පහර දුන් පිරිස හඳුනාගැනීමට නොහැකි වූ බවට තුවාල ලද ත්‍රිී රෝද රථ රියදුරු පොලීසියට පවසා ඇත.

අදාල පහරදීමෙන් ත්‍රී රෝද රථයටද දැඩි හානි සිදුවී ඇති අතර පහරදීමෙන් තුවාල ලත් ප්‍රද්ගයා යාපනය මහරෝහලට ඇතුලත් කිරීමට ප්‍රදේශවාසීන් විසින් පියවර ගෙන තිබුණි.

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග මෙලෙස යාපනයේ පහරදීම් ක්‍රියාත්මක වීමත් සමග නැවතත් ආවා වැනි කල්ලි ක්‍රියාත්මක වේදැයි යන්න අවධානමක් ඇති බවටද යාපනයේ ජනතාව පවසා සිටිති.

අදාල පහරදීම සමබන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත පහරදීම සිදුවන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය සැක පල කර සිටියි . 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com