www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙක් අද දිවයිනට


2020-05-12 11:53:39 -  220 යි

මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(12) දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා පවසයි.

චෙන්නායිහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.

දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවයි යුධ හමුදාපතිවරයා පවසයි.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයින් 7000කට අධික පිරිසක් නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බවද යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

මේ අතර පසුගිය 10 දා තුළ ඕස්ට්‍රේලියාවෙන් සහ මලයාසියාවෙන් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 450 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව ඔහු සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයින් 279 දෙනෙකු ඊයේ දිනයේ ද නිවෙස් වෙත පිටත් කර හැරිමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com