www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන් මාලදිවයිනේ සිටින අයි.එස්. කණ්ඩායමක් ලංකාවට කැඳවලා


2020-05-10 12:25:49 -  408 යි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ් සහරාන්ගේ කණ්ඩායම් තම දෙවැනි පෙළ ප්‍රහාරයේදී මාලදිවයිනේ සිටින අයි.එස්. කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට කළ සැලසුමක් ගැන ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක් කළ පසුව එම කණ්ඩායම්වලට මෙරටදී රැකවරණය දී මෙරට අන්තවාදී ප්‍රහාර සඳහා යොදවා ගැනීම ගැනද තොරතුරු අනාවරණය වී තිබුණා.

2017 දී මාලදිවයින් අන්තවාදීන් හා සහරාන් පිලේ සාමාජිකයන් එකට හමුවීමෙන් පසු මාලදිවයින් අන්තවාදීන් මෙරටට පැමිණි බවද හෙළි වී තිබෙනවා. එම තොරතුරු ඔස්සේ ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව සෙසු කණ්ඩායම් අනාවරණය කිරීමේ මෙහෙයුම් ඇරඹී ඇති බව වාර්තා වනවා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශණවලට අදාළව සැකකරුවෙකු නැගෙනහිර පළාතේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com