www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාධ්‍යවේදියෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්


2020-05-10 12:09:30 -  341 යි

නාවලපිටිය නගර සභාවේ මාධ්‍යය අංශයේ නිලධාරියෙකුගේ නිවසට අද (10) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

තමන් සහ බිරිද නිවසේ උඩු මහලේ නිදා සිටියදි අලුයම 1 ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව නිවසේ විදුලි අලෝකය දල්වා පරික්ෂා කර බැලිමේදි කිසිවෙකුත් නොසිටි බව නිවසේ හිමිකරු උදිත ඉන්දික ගංහේවා පැවසුවා.

උදිත ඉන්දික ගංහේවා මහතා නාවලපිටිය නගර සභාවේ සභාපතිගේ ඥාතියෙකුද වන අතර ඔහු සභාපතිවරයාගේ මාධ්‍යය කටයුතු වලට අමතරව සභාපතිවරයාගේ රියදුරෙකු වශයෙන් කටයුතු කරනවා.

පෙට්‍රල් බොම්බ ප්‍රහාරයෙන් තම නිවසේ පහල මහලට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බවත්, මෙම ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න තමන්ට නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් ඔහු කියා සිටියා.

ප්‍රහාරය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com