www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තියුණු ආයුධවලින් පහරදී අම්බලන්තොට පුද්ගලයෙකු ඝාතනය කෙරේ


2020-05-08 09:55:46 -  356 යි

අම්බලන්තොට වරාගොඩැල්ල ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බව අම්බලන්තොට පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දඩල්ලගේ රන්ජිත් නමැති වයස අවුරුදු 53 ක් පමණ වන පස්දරු පියෙකු වන අතර ප්‍රදේශයේම අයෙකු ඔහු සමඟ ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර තිබෙන බවයි අම්බලන්තොට පොලිසිය කියා සිටියේ .

කෙසේ නමුත් ඝාතනය සිදුකර ඇති පුද්ගලයා අම්බලන්තොට පොලිසිය හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට හම්බන්තොට මහරෝහලේ මෘත ශරිරාඝාරයේ තැන්පත්කර තැති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com