www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාර්ග බාධකවලට පැය 12 ඩියුටිය කායික හා මානසික පීඩාවක් ගාලු දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීහු කියති


2020-04-24 09:33:40 -  485 යි

මාර්ග බාධකවල සේවය කරන පොලිස් නිලධාරීන්ට පැය අටක සේවා කාලයක් පොලිස්පතිවරයා විසින් නියම කර ඇතත් පැය දොළහක කාලයක් එක දිගට සේවයේ යෙදීමට සිදුවී ඇතැයි ගාලු දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් නිලධාරීහු පවසති. හිඳගැනීමට පවා විවේකයක් නොමැතිව දිගු සේවය කිරීම හේතුවෙන් ඇතිවන කායික හා මානසික වෙහෙස නිසා යම් අතපසුවීම් සිදුවිය හැකි යන බියද තමන්ට පීඩනයක් වී ඇතැයි ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

මෙම කොට්ඨාසයේම සමහර පොලිස් ස්ථානවල පැය දොළහක සේවා කාලයක් ක්‍රියාත්මක වෙද්දී තවත් පොලිස් ස්ථානවල පැය අටක සේවා කාලයක් ක්‍රියාත්මක වෙන පොලිස් ස්ථාන දෙකක නිලධාරීන් එකට යොදවා ඇති මාර්ග බාධකවල එක පොලිසියක නිලධාරීන් පැය 8කින් සේවය අවසන් කළද අනික් නිලධාරීන් පැය දොළහක් සේවය කරන බව පොලිස් නිලධාරීහු පැවැසූහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com