www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි


2020-04-23 22:33:23 -  358 යි

වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 29 දෙනෙක් නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඊයේ (22) දිනයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත නාවික සෙබලා ද ඇතුළු මෙලෙස නාවික හමුදා නිලධාරින් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියාට එම වෛරසය වැලදී ඇති බවට සැකපළ කරන්නේ පසුගියදා ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයා සමග සම්බන්ධකම් දැක්වූ පිරිස් සොයා සිදුකළ නාවික හමුදා මෙහෙයුමකට එක්ව සිටි සෙබලෙක් ගෙන් බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන් යලි කඳවුරට කැඳවා ඔවුන්ට නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com