www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සමාජ ජලා නැවතත් ජයගනී DIALOG වෙතින් GB මිලියන 10ක් සහ 250ක රිලෝඩ් එකක් නොමිලේ


2020-04-07 13:12:23 -  917 යි

අද දින (අප්‍රේල් මස 06) මහජනතාවට සහන සහිතව විදුලි සංදේශ පහසුකම් සැලසීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මෙහෙයවන ලද සාකච්ඡාව අරලියගහ  මන්දිරයේදී පැවැත්විණි.

එයට සහභාගිවූ  Dialog සමාගමේ ප්‍රධාන විධායක නිලදාරීයා විසින් තම පාරිබෝගිකයන් හට Dialog TV මිලියන 1.4 පාරිබෝගිකයන් වෙත සියලුම නාලිකා නොමිලේ ලබා දීමටත් මිලියන 2.8 වූ අවම ශේෂයක් පවතී පාරිබෝගිකයන් හට රුපියල් 250/= කුත් සියලුම ටෙලි වෛද්‍ය සේවා නොමිලේ ලබා දීමටත් එකග විය. එලෙසෙම සමාජ ජාල වල සැරිසරන සියලුම ශ්‍රී ලංකික Dialog පාරිබෝගිකයන් හට මිලියන 10 GB නොමිලේ ලබා දීමට එකග වී ඇත.

පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ පිරිස හඬ නැගුවේ නිවෙස් වල සිටින ජනතාවට දුරකථන සේවා සපයන සමාගම් සිය වගකීම් පැහැර හරින බවයි. ඒ හඬට සවන් දුන් සමාගම් සහ අදාළ බලධාරීන් අවශ්‍ය පහසුකම් ලබාදීම පිණිස මෙසේ එක්වීම සුභදායක වන අතරම අනෙක් සමාගම්ද තම පාරිභෝගික ජනතාවටමෙවැනි සහන ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com