www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට


2020-04-06 08:06:47 -  385 යි

කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ. 

අපරාධ චෝදනාවකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (5) පස්වරුවේ කැකිරාව ඉහලගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේ නවාතැන්පලක දින කිහිපයක් රැදී සිට ඇති බව සඳහන්. 

අදාල සැකකරු සමඟ ඔහුගේ සහෝදරයෙකු ද නවාතැන්පලේ එකම කාමරයේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සහෝදරයාට කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර මහ රෝහල වෙත ඉදිරිපත් කර තිබේ. 

අනුරාධපුර, කුරුදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාල වැටලීම සඳහා ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින් 08 දෙනෙකු සැකකරු මෙන්ම නවාතැන්පලේ හිමිකරු ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන තිබේ.

ඔවුන් කැකිරාව පොලිස් ස්ථානයේ වෙනම ගොඩනැඟිල්ලක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com