www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බේරුවල ගම් පහක් හුදෙකලා කරයි


2020-03-31 11:52:43 -  499 යි

උදයජීව ඒකනායක

ප්‍රසාද් ධර්මප්‍රිය - බේරුවල

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගියකු බේරුවල ප්‍රදේශයෙන් සොයා ගැනීමත් සමග ග්‍රාම සේවා වසම් පහක් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ (30 වැනිදා) තීරණය කළහ. පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දිනයේ මෙම තීරණයට එළැඹ කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාදිපති කාර්යාලයට දැනුම් දී ඇත.

එම තීරණය ලැබුණු පසු මෙම ග්‍රාම සේවා වසම් පහ හුදකලා කිරීමට නියමිතය. බේරුවලින් සොයාගත් කොවිඩ් -19 ආසාදිතයා මෙම ග්‍රාම සේවා වසම් පහ තුළ සහ බේරුවල මුස්ලිම් දේවස්ථානයක පැවති යාඥා මෙහෙයටද එක්ව ඇති බව දැනට සොයාගෙන තිබේ. මෙම රෝගියා ළඟින්ම ආශ්‍රය කළ පුද්ගලයන් 16 දෙනකුගෙන් සාම්පල ලබාගෙන බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයට ඊයේ (30 වැනිදා) යොමු කර තිබේ. චීන කොරටුව පාර, ධර්ගා නගරය පාර, නලීම් හජ්ජියාර් මාවත, ජමියා හලීමියා පාර සහ පුඤ්ඤානන්ද පාර යන මාර්ගද මෙම ග්‍රාම සේවා වසම් පහට ඇතුළත් වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com