www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කළුබෝවිල රෝහලම බය කරපු කොරෝනා රෝගියාගේ සම්පූර්ණ කතාව - හිටියේ දෙහිවල


2020-03-31 10:37:56 -  1289 යි

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අසූ හැවිරිදි පුද්ගලයකුට කොරොනා  රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග එම රෝහලේ 5 පහ වාට්ටුව 31 දා සවස වසා දැමීමට පියවර කතාව ගත් බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .

මෙසේ කොරොනා  රෝගියකු බවට තහවුරු වී ඇත්තේ  දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි 80 පුද්ගලයෙකු  බව කියයි .

එම පුද්ගලයාට corona වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට මාරු කර යැවූ බවද පවසයි.

ඒ සමගම එම වාට්ටුව වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් පහළොස් දෙනෙකු හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය .

ඉකුත් 23 දා සිට 30 දක්වා එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් හෙද හෙදියන් හා සුළු සේවක සේවිකාවන් ඇතුළු 20 දෙනකු 31 දා රාත්‍රියේම මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයට යොමු කොට  නිරෝධායනය ට ලක් කිරීමට පියවර ගත් බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

ඒ සමඟම කළුබෝවිල ශික්ෂණ රෝහලේ අංක පහ වාට්ටුව සම්පූර්ණයෙන්ම පිරිසුදු කොට විෂබීජහරණය ට ලක් කිරීමෙන් පසුව වාට්ටුව වසා වසා දැමීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com