www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය : සියොන් දේවස්ථානයට ප්‍රහාරය මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට


2020-03-29 18:47:15 -  377 යි

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ද මෙම පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකකරුවන් 31 දෙනෙක් සහ පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාෂය භාරයේ සැකකරුවන් 60 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරිම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com