www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දින 6ක බිලිඳාට කොරෝනා යැයි අසත්‍ය පුවත් පලකල ඔස්තාර් අත්අඩංගුවට!


2020-03-29 18:35:31 -  1159 යි

සමාජ ජාල ඔස්සේ අසත්‍ය පුවත් මවමින් ජනතාව රවටන පුද්ගලයකු ඊයේ දිනයේදී කුරුණෑගල උහුමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට පුවත් වාර්තා වූ අතර ඒ පුද්ගලයා කවුරුන්ද යන්න මේ වන විට අනාවරණය වී තිබෙනවා. පසුගිය කාලය පුරාවටම මඩ සහ අසත්‍ය පුවත් මවමින් සමාජ ජාල ඔස්තාර් කෙනෙකු යයි තමාම කියා ගන්නා කීබෝඩ් වීරයකු වූ මොහු නමින් නුවන් නිරෝධ අල්විස් නමැති පුද්ගලයෙක්.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙබ් හා සමාජ මාධ්‍ය ජාල ගණනාවක මඩ හා සත්‍ය පුවත් මවමින් කුලියට ලියමින් සමාජ ජාල පරිශීලකයින් රැවටු මොහු විවිධ කාල වල විවිධ දේශපාලන පක්ෂ හා පුද්ගලයින්ට කඩේ ගිය අවස්තාවදියකු ලෙස ප්‍රචලිතය.

පසුගිය රජය කාලයේ ජනාධිපති මාධ්‍ය අංශයේ පවා සේවය කරමින් මඩ ප්‍රචාරයනට ක්‍රියා කල මොහු රටේ විවිධ දේශපාලකයින් හා ආයතන වලට විරුද්ධව අසත්‍ය පුවත් පල කොට ඒවා ඉවත් කිරීමට කප්පම් පවා ලබා ගත් පුද්ගලයෙක්.

එක එක්කෙනාගෙන් ලැබෙන මුදල් හා වෙනත් සන්තෝසම් වලට විවිධ අසත්‍ය පතුරමින් ජීවත් වූ නුවන් නිරෝධ මෙවර දින 6ක් වයසැති බිලිඳකුට කොරෝනා වැළඳුන බවට අසත්‍ය පුවතක් පළකර ඇති අතර කොළඹ කොළඹ ප්‍රධාන පෙලේ රෝහලක සිදුවූ සිදුවීම හරි හැටි නොදැනය.

රටක් කොරෝනා භීතියෙන් සලිත වී සිටින මොහොතක තමන් පොර වන්නට සහ රීච් වැඩි කරගන්නට පලකල අසත්‍ය පුවත නිසා මොහු කුරුනෑගල සිය බිරිඳගේ සහෝදරියගේ නිවසේ සැඟවී සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.

අදාළ රෝහලේ සිදුවූ සත්‍ය සිදුවීම පිළිබඳව අප සොයා බැලු අතර එම රෝහලේ පසුගිය 21 වනදා උපත ලැබූ බිලිඳකුගේ පෙනහළු වල ඇතිව තිබු යම් වෙනසක් හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් රටේ පවතින කොරෝනා තත්වය නිසා පෙර සුදානමකින් එම දරුවට ප්‍රතිකාර කිරීමට සුදානම් වී ඇත. එහිදී ආරක්‍ෂිත ඇඳුම් වලින් සැරසී දරුවා මවගෙන් දුරස්ව තබා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන අතරතුරදී අදාළ සිදුවීම පිළිබඳව තොරතුරු ලැබුණු නුවන් නිරෝධ කිසිදු සොයා බැලීමකින් තොරව දරුවාට කොරෝනා යැයි ප්‍රචාරය කරමින් තම සුපුරුදු කාලකන්නි පහත ආශාව සංසිඳුවා ගත්තේය. කෙසේ වෙතත් පසුව එම බිලිඳා සාමාන්‍ය තත්වයෙන් පසුවන බව අදාළ වෛද්‍යවරුන් තීරණය කල අතර තත්වය යතා තත්වයට පත්වී ඇත.

නමුත් කාලකන්නි කීබෝඩ් වීරයින්ගේ අනුවන වැඩ නිසා එම රෝහලේ සිටි මව්වරුන් ඇතුළුව සමස්ත රෝගීන්ද බියට පත් කරමින් එම බිලිඳාගේ දෙමව්පියන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ද බියට පත් කරමින් නුවන් නිරෝධගේ පච පුවත ප්‍රචාරය වන්නට විය. ආරක්ෂක අංශ මෙන්ම සෞක්‍ය අංශද අසත්‍ය පල නොකරන ලෙසත් රට පවතින තත්වයෙන් ගොඩ ගන්නට සත්‍ය පමණක් පල කරන ලෙස සමාජ ජාල පරිශීලකයින්ගෙන් බැගපත් වෙද්දී මෙවන් කාලකන්නි රටට කරනා හානිය සුළුපටු නොවේ. මෙවන් සිංහල නොතේරෙන අමනයින්ට නිසි දඩුවම් දීම සිදු කල යුතුමය.

පසුගිය ආණ්ඩුව සිටියානම් මේ වනවිටත් සමාජ ජාල තහනම් කොට හමාරය. අද වෙනදාටත් වඩා මාධ්‍ය හා සමාජ මාධ්‍ය වලට නිදහස ලැබී තිබෙන මුත් මෙවන් අසත්‍ය ප්‍රචාරයන් කිසිදු වගකීමකින් තොරව සිදු කරන මන්ද බුද්ධිකයින්ට නිසි දඩුවම් ලබා නොදුනහොත් සිදුවන්නේ සමාජ ජාල සබුද්ධිකව භාවිතා කරන සුවහසක් සමාජ ජාල ක්රියකරිකයින්ට හානියකි.

එබැවින් මෙවැනි අසත්‍ය පල කරන හා කිසිදු වගකීමකින් තොරව තමන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ගණිකා සේවයේ යොදවන සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කර සමාජ ජාල අවකාශය රැක ගැනීම අප සැමගේ වගකීමකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com