www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනා ආසාධිත ලාංකිකයෙක් ජිවිතක්ෂයට පත්වෙයි


2020-03-27 10:29:57 -  796 යි

කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුනේ.

මිය ගිය පුද්ගලයා  පුත්තලම ප්‍රදේශ පදිංචිකරුවෙක් බව  වාර්තා වන අතර එම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මේ වනවිට ස්විට්සර්ලන්තයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11,811 ක් වාර්තා වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 192 ක්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com