www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ස්විස් පූජකයාගෙන් කොරෝනා වැළඳුනු අයෙක් යාපනයෙන් IDH වෙත යැවේ


2020-03-23 12:31:30 -  288 යි

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ස්විස්ටර්ලන්තයේ පූජකවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතෙකුට කොරෝනා  වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව එම රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවූ බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා තහවුරු කරනවා.

අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් කිතුනු පල්ලියක ස්විස්ටර්ලන්තයෙන් පැමිණි පූජක වරයෙකු විසින් පැවත්වූ දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම හා යාපනය යන් දිස්ත්‍රීක්කයන්හි බැතිමතුන් 150 ක් පමණ සහභාගී වී තිබෙනවා.

දේව මෙහෙය පැවත්වූ පූජකවරයා නැවත එරටට ගිය පසු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරව එම පූජාවට සහභාගී වූවන් සොයා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පරික්ෂණ සිදු කළා.

කෙසේ වෙතත් මේ වන විට අදාල පූජාවට සහභාගී වූ පිරිසෙන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් යාපනය ශික්ෂණ රෝහලට තිදෙනෙක්ද වව්නියාව මහරෝහලට 09 දෙනෙක්ද සිරුරේ ඇති වූ අසනීප හා උණ තත්වයන් හේතුවෙන් ඇතුලත් කර තිබෙනවා.

එසේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වූ රෝගීන් තිදෙනාගෙන් එක් අයෙකුට සිදුකරන ලද පරික්සණ වලදී කොරෝණා වයිරසය වැළඳී ඇති බවට හවුරු වීම හේතුවෙන් වහාම එම රෝගයා අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවූ බවත් අනේක් රෝගීන්ට වියරසය ආසාදනය වී ඇත්දැයි යන්න පරික්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙන බවටද වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් කියා සිටියා.

මුලතිව් ශෂිකුමාර්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com