www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය නිසා LTTE සිරකරුවන් 11ක් උතුරේ බන්ධනාගාරයක් වෙත මාරු කරවා ගැනීමේ සැලසුමක්


2020-03-23 09:53:53 -  365 යි

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පසුව එම බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ව  වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කරවා ගැනීමට කටයුතු කරණ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  චාර්ල්ස් නිර්මලනාදන් මහතා 22 දා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස්  එහි රදවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබදව තොරතුරු විමසා තිබේ.

හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේ දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් 11 දෙනෙකු මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතර පසුගියදා ඇති වූ සිද්ධියෙන් ඔවුන්ට හිරිහැරයක් සිදුව නොමැති බවයි.

නමුත් ඔවුන්ගේ ඉදිරි ආරක්ෂාව සදහා ඔවුන්ව උතුරු පළාතේ බන්ධනාගාරයක් වෙත මාරු කරවා ගැනීමට අවශ්‍ය ඉල්ලීම් සිදු කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නා බව චාර්ල්ස් නිර්මලනාදන් මහතා  පැවසීය.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com