www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිධන් හාරද්දී කොළඹ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 5 ක් අල්ලයි


2020-02-27 10:34:01 -  6715 යි

කිරිඇල්ල කොඩිතුවක්කුකන්ද හිඳුරංගල රජ මාවතේ නාමළුව බෝධිය අසල ඊයේ (26 දා) අලූයම නිධානයක් ගැනීමට කටයුතු කරමින් සිටි පුද්ගලයන් 5 දෙනකු කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර කොළඹ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ද සිටින බවට තහවුරු වී ඇතැයි කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති සුදත් බණ්ඩාර මහතා  පැවසීය.

එකම වර්ගයේ මෝටර් රථ දෙකකින් පැමිණ ඇති මෙම කණ්ඩායම පෙරේදා (25 දා) මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම පූජනීය ස්ථානයේ පූජාවක් පවත්වමින් සිට ඇත. මේ පිළිබඳ ප‍්‍රදේශවාසීන් එම පිරිසගෙන් තොරතුරු විමසීමේදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ අවස්ථාවේ මෙම පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් උපකරණ අතර විශාල ප‍්‍රමාණයේ කඩුවක්, කුකුළෙක්, දුම්මල, උදලූ, තැඹිලි, මල් පහන්, අලවංගු ඇතුළු භාණ්ඩ 53 ක් තිබී ඇත.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ පාලන අංශයේ ස්ථානාධිපති සුසිල් අත්තනායක, රතුමනන්නලාගේ ලලිත් අනුර ශාන්ත, කොස්ගහවත්තගේ සමන් කුමාර, මානම්ආරච්චිගේ දොන් තරිඳු දිල්ශාන් සහ පන්නිපිටිය ලේකම්ලාගේ වසන්ත යන අය වෙති. මොවුන් පිළියන්දල, පන්නිපිටිය, ඕපනායක සහ හිඳුරංගල ප‍්‍රදේශවල පදිංචි අය වෙති.

සැකකරුවන් ඊයේ (26 දා) සවස රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්. පී. එස්. පී. සඳුන්ගහවත්ත, රත්නපුර කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති සුසත් බණ්ඩාර, උප පොලිස් පරීක්‍ෂක චානක වීරසිංහ, පො. සැ. (40284) පුෂ්පකුමාර, පො. කො. (81053) අනිල් දිසානායක යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

කිරිඇල්ල - ඞී. කේ. කුමාර, රත්නපුර -යූ. අසිත ඉන්දික වීරවර්ධන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com