www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විශ්‍රාම ගොස් මසකදී විශ්‍රාම වැටුප ගෙවීමට ජනපතිගෙන් නියෝග !


2020-02-27 07:56:00 -  454 යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරියකුව සිට විශ්‍රාම යෑමෙන් අනතුරුව සිය විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර දෙකක් කාලය ගත වූ බවත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා තැනැත්තන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මසක දී විශ්‍රාම වැටුප් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීමට  ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ජනාධිපතිවරයා විශ්‍රාම ගිහින් විශ්‍රාම වැටුප් ෆයිල් එක මාස ගාණක් තියා ගත් බවද අවුරුදු දෙකහමාරක් පමණ එතුමාගේ විශ්‍රාම වැටුප නොලැබුණ බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

"එහෙම දේශපාලන පලිගැනීම් හෝ වෙනත් පෞද්ගලික පලිගැනීමක් නිසා හෝ වෙනත් ප්‍රමාදයක් නිසා විශ්‍රාම ගිහිල්ලා ඊළඟ මාසේ ඒ කෙනාට විශ්‍රාම වැටුපවත් ලැබෙන්නේ නැත්තන් එයා ජීවත් වෙන්නේ කොහොමද. ඒ තත්ත්වය නිසා එතුමා කිව්වා එතුමා නියෝග කරනවයි කියලා, හෙට වෙනකොට ඕනම සේවකයකුට විශ්‍රාම ගිහිල්ලා ඔහුගේ ඊළඟ වැටුප දවසට එයාගේ විශ්‍රාම වැටුප ලබා දෙන්න ඕන. මොන අඩුපාඩු තිබුණත් ඒක ගෙනල්ලා, ඊට පස්සේ වැරදි නම් ඒක හදාගන්න පුළුවන්"

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com