www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

චයිනීස් ෆෝන්වලට අලුත් Platform එකක්


2020-02-26 09:02:23 -  680 යි

පසුගිය දා පළවුණු Reuters වාර්තාවක Huawei, Xiaomi සහ BBK සමාගමේ උප සමාගම් වන Oppo සහ Vivo  සමාගම්වල දුරකථන එකාබද්ධ කරමින් App Platform එකක්  නිර්මාණය කරන්නට තීරණය කර ඇති බව  සඳහන් වුණා.

 Google සමාගමේ Play Store සේවාව Huawei වෙත අහිමි වීමත් සමඟ ඔවුන්  Golbal Developer Service Alliance (GDSA) යටතේ සන්ධානගත වෙන්නට තීරණය කර තිබෙනවා. කවර හෝ දිනෙක සියලු චීන දුරකථනවලට ඉහත සේවා අහිමි කිරීමක් හෝ සේවා කප්පාදුවක් සිදුකළහොත් එයට එරෙහිව මේ සන්ධානය නැඟී සිටීවි. 

මේ වෙද්දී චීනයේ Play Store තහනම් වීම නිසා  වෙනත් තුන්වැනි පාර්ශ්වීය සේවාවන් වැඩි වශයෙන් භාවිත කරන්නට පරිශීලකයන් පෙලඹෙන බව appinchina.co වාර්තා කර තිබෙනවා. 

කොහොම නමුත් මේ තුන්වැනි පාර්ශ්වීය යෙදුම් ගබඩාවන් ප්‍රධාන වශයෙන් මුහුණ දෙන ගැටලුවක් විදිහට  යෙදුම් නිර්මාපකයන්ගේ සහාය ලබාගැනීමට තරමක් අපහසු වීම හදුනාගන්නට පුළුවන්. නමුත් මේ GDSA  යටතේ නිර්මාණය වන App Platform එක සාර්ථක වූවොත් ඒ සියලු ගැටලු වෙත පිළිතුරු ලැබෙයි කියා තාක්ෂණවේදීන් විශ්වාස කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com