www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මිලියන 1300ක් වැය කර නීතියට පිටින් ගෙනා සන්නිවේදන උපකරණ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රභූවරුන්ට අමතන විශේෂ දුරකතනත් ඒ අතර


2020-02-26 07:07:46 -  362 යි

ටෙන්ඩර් කැඳවීමකින් තොරව රුපියල් මිලියන 1300කට අධික මුදලක් වැයකර ආරක්ෂක අමාත්‍යාංශයට සන්නිවේදන උපකරණ මිලදී ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් අරඹා ඇත.

ඊශ්‍රායලයෙන් මිලදීගෙන ඇති මෙම උපකරණ තොගය වසර තුනකට අධික කාලයක් තිස්සේ භාවිතයට නොගෙන එකම තැනක ගොඩ ගසා තිබේ. මෙම විමර්ශනයේදී ඒ පිළිබඳවද විශේෂ අවධානය යොමු වනු ඇත.

මෙම උපකරණ තොගය ගෙන්වා ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය බව කියමිනි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම විමර්ශනය අරඹා තිබේ.

2017 වසරේදී හදිසි මිලදී ගැනීමක් ලෙස ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම උපකරණ මිලදී ගෙන කිසිවක් භාවිතයට නොගෙන රැගෙන ආ පෙට්ටි තුළම බහා ඇති බවත්, ඉන් බහුතරයක් මෘදුකාංග කල් ඉකුත් වීම නිසා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් හෙළිව ඇත.

අවස්ථා තුනකදී ඊශ්‍රායල් සමාගමකින් මිලදී ගත් මෙම උපකරණ අතර විශේෂිත ප්‍රභූවරුන් අතර කතා කළ හැකි අධි සංවේදී දුරකථන දහයක් ඇති බවත්, එම දුරකථන දහයද කල් ඉකුත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ. රුපියල් මිලියන 1300ක් වටිනා උපකරණ හදිසි මිලදී ගැනීමක් ලෙස ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙරටට ගෙනවිත් ඇත්තේ වටිනාකමින් සියයට අසූවක් ගෙවීමෙන් අනතුරුව බවද හෙළිවී ඇත.

අඩු මිලට මෙම උපකරණ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබියදී එවකට සිටි හමුදාපතිවරුන්, ආරක්ෂක බුද්ධි ප්‍රධානීන්ගෙන් කිසිදු විමසීමක් නොකර ඉහළ ප්‍රභූයෙකුගේ පවුලේ අයකු මැදිහත්වී මෙම මිලදී ගැනීම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම මිලදී ගැනීම සඳහා යුද හමුදාවෙන් ඉවත්ව සිටි බ්‍රිගේඩියර් ටිරාන් සිල්වා නමැති අයකු ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ නිලධාරියා ලෙස යළි සේවයට කැඳවා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com