www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු 8ක සාමනේර හිමිමනමට ලොකු හාමුදුරුවෝ අතවර කරලා - සාමනේර හිමි දුම්රියට පනින්න යද්දී පොලිසියෙන් අල්ලාගෙන


2020-02-21 11:53:00 -  1522 යි

බෙංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමි නමක් විහාරස්ථානයේ වැඩ චසන සාමනේර ස්වාමීන් වහන්සේ නමකට අතවරයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. මෙම විහාරාධිපති හිමියන් පිරිවෙනක්ද පවත්වාගගෙන යන අතර මොනරාගල වැනි දුරබැහැර දුෂ්කර ප්‍රදේශවල දුප්පත් දරුවන් මෙම විහාරස්ථානයේ පැවිදි කරවා ගැනීම සිදුකර ගන්නා අතර ඉන්පසු පිරිවෙන වෙත යොමු කෙරෙන හිමිවරුන්ට අධ්‍යාපනය ලබා දේ.

එසේ අධ්‍යාපනය ලබා දුන් මෙම සාමනේර හිමිනමට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති අතර අනතුරුව සාමනේර හිමිනම දුම්රියට පැන සියදිවි හානි කර ගැනීම සඳහා පන්සලෙන් පැන දිව යන විට ඔහු අලුත්ගම පොලිසියේ නිලධාරීන්ට හමුවී ඇති අතර සිද්ධිය පිළිබඳව අනාවරණය වීමෙන් අනතුරුව බෙන්තොට පොලීසියට භාරදී ඇත. 

බෙංතොට පොලිසිය විසින්  සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙම විහාරාධිපති හිමිනම අත්අඩංගුවට ගෙන පසුගිය 18 වනදා බලපිටිය මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 කට රක්ෂිත බන්ධනාගාර කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත්  විසින් නියෝග කොට ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගතව ඇත්තේ බෙංතොට ගනේපුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පොරවගම ධම්මාවාස නමැති චීවරධාරියෙකි.

ඇල්පිටිය ජ්‍යෙෂ්ථ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත බෙංතොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ බෙංතොට පොලීසිය මගින් මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරයි.

ධර්මදාස සිරිවර්ධන.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com