www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශරීරයට කාවද්දන තාක්ෂණික උපකරණයක් රුසියාවේ


2020-02-21 09:31:15 -  665 යි

Biohacking  නමැති රුසියානු පර්යේෂණ කණ්ඩායමක්, මුදල් ගෙවීම සහ රහසිගත පිවිසුම් මාර්ග විවෘත කරගැනීම වැනි කරුණු සඳහා ශරීරය තුළට අන්තර්ගත කරගත හැකි ක්ෂුද්‍ර චිපයක් (microchip) නිර්මාණය කර ඇතැයි dailymail වෙබ් අඩවියේ පළ කර ඇති වාර්තාවක සඳහන් වේ. මෙම තාක්ෂණය තවදුරටත් වැඩිදියුණු කිරීමෙන් අනාගතයේදී අමරණීය භාවය පවා ලබාගත හැකි වනු ඇතැයි එය භාවිත කරන ඇතැම් පිරිස් විශ්වාසය පළ කරති. ඒ නිසා ඉතා ධනවත් පුද්ගලයන් රැසක් මෙම තාක්ෂණික මෙවලම පැළඳගැනීමට පෙලඹී සිටින බව පැවසේ. තමන් රැස් කරගෙන ඇති ඉමහත් ධන සම්භාරය මරණ බියකින් තොරව සදහටම භුක්ති විඳීම ඔවුන්ගේ අපේක්ෂාවය.

මෙම ක්ෂුද්‍ර චිපය තැන්පත් කරනු ලබන්නේ ශරීරයේ සමට යටිනි. ශරීරය සමඟ තාක්ෂණික යන්ත්‍ර බද්ධ කිරීමෙන් මිනිසා හට ආයුෂ වැඩි කරගත හැකි බවත්, රෝගාබාධයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගත හැකි බවත් ගෝලීය උප සංස්කෘතියකට අයත් Biohacking කණ්ඩායමේ සාමාජිකයන්ගේ විශ්වාසයයි. යම් පුද්ගලයකු පිළිබඳ දත්ත මෙන්ම වෙනත් රහසිගත කේත හා මුරපද යථෝක්ත ක්ෂුද්‍ර චිපය තුළ අන්තර්ගත කරනු ලැබිය හැකිය.

 සාමාජිකයන්ට පමණක් පිවිසිය හැකි රහසිගත හෝ ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීම සඳහා අදාළ ද්වාර විවෘත කරගැනීමට මෙම චිපය පැලඳ සිටින පුද්ගලයන් හට හැකියාව ලැබේ. ලෝකයේ දියුණු බොහෝ රටවල ධනවතුන් අතර මෙම ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතත් එහිදී රුසියානුවන් ඉදිරියෙන් සිටින බව dailymail වෙබ් අඩවියේ විද්‍යාව හා තාක්ෂණ පුවත් යටතේ පළ කර ඇති මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මිනිසුන්ගේ අත හෝ නළල මත රඳවනු ලබන මෙවැනි ක්ෂුද්‍ර මෙවලමක් ලෝකයේ අවසාන යුගයේදී භාවිත වන බවට අනාවැකියක් ශුද්ධ බයිබලයට අයත් හෙළිදරව්ව නමැති ග්‍රන්ථයේ සඳහන්ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com