www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර දැයෙන් සමු ගනී


2020-02-20 08:03:10 -  393 යි

රාවණා යුගය පිළිබදව පර්යේෂණ කෘති කීපයක් දැයට දායාද කළ කෘතහස්ත ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ඊයේ (19)  මහනුවර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වුනා.

අභාවප්‍රාප්ත වන විට 80 වියේ පසුවූ මිරැන්ඩෝ ඔබේසේකර මහතා තිදරු පියෙක්. 

රිදී පෑන" ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මිය යනවිට පර්යේෂණ කෘති ඇතුළු කෘති 54 ක් රචනාකොට ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ග්‍රන්ථ කතෘවරයෙක් ලෙස සැළකෙනවා.

1940.05.02 දින රත්නපුරයේදී උපත ලැබු මිරැන්ඩෝ ඔබේසේකර මහතා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගුරුවරයෙකු කථිකාචාර්යවරයෙකු සහ පර්යේෂකයෙකු ලෙස රටට මහඟු සේවයක් සිදු කළ විද්වතෙක්.

මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා ගලේවෙල තලකිරියාව ඔබේසේකර අරණේ තැනපත්කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.

මාතලේ - හේවා පි.කරුණාරත්න

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com