www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධුෂ්ගේ කල්ලියේ ප‍්‍රධාන වෙඩික්කරුවෙක් - ලක්‍ෂ 26 ක මත්කුඩු සමග ආමි සමන්ත එස්.ටී.එෆ්. දැලේ


2020-02-20 07:28:21 -  487 යි

පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ ප‍්‍රධාන පෙළේ අපරාධකරුවකු බව කියන ආමි සමන්ත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (19 වැනිදා) උදෑසන දිවුලපිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මිනීමැරුම් හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැුසකට සම්බන්ධ බව කියන ආමි සමන්ත නමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්‍ෂ විසිහයක් පමණ වටිනා හෙරොයින් තොගයක්ද තිබී ඇත.

මධුෂ්ගේ පාතාල කල්ලියේ ප‍්‍රධාන පෙළේ වෙඩික්කරුවකු බව කියන ආමි සමන්ත නමැත්තා කාලයක් තිස්සේ යුද හමුදාවේ සේවය කරමින් සිට ඉන් පලා ගිය අයෙකි.

මාකඳුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ ප‍්‍රධානියෙකු ලෙසද මොහු කටයුතු කරන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් අධිකාරී රත්තනපිටිය මහතාගේ මෙහෙයවීමෙන් කළ මෙහෙයුමකදී මෙම පාතාල ප‍්‍රබලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැකකරු අධිකරණය වෙත අද (20 දා) ඉදිරිපත් කිරීමට නියමිතය. මිනිස් ඝාතන දෙකක් සහ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ආමි සමන්ත නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com