www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අසාධාරණයක් වුනේ යැයි පවසමින් අබාධිත යුධ හමුදා සෙබලෙක් බුත්තල මකර තොරණ මත විරෝධතාවක


2020-02-19 12:01:05 -  389 යි

පොලිසිය විසින් අසාධාරන නඩුවක් දමා තමා සිරගත කල බව පවසමින් ආබාධිත යුද හමුදා සෙබළෙක් බුත්තල මකර තොරණ මත විරෝධතාවක.

බුත්තල නගරයේ ඇති මකර තොරණ මත නැග අද (19) උදෑසන සිට යුද හමුදාවේ ආබාධිත සෙබළෙක් විසින් විරෝධතාවක් සිදු කලේය.ඒ ඔහුට හිමි වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප ලබා දෙන ඉල්ලා සිටිමින් සහ පොලිසිය අසාදාරන ලෙස තමාට නඩුවක් පැවරූ බව පවසමින් ය.

තමාට බුත්තල පොලිසිය මගින් කිසිදු වරදක් නොකර අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් එම නඩුව නිසා තමාට දැඩිලෙස අසාදාරනයක් සිදු වී ඇති බවත් විරෝධතාකරු පැවසීය.

මෙම සියලුම ගැටලු නිරාකරණය කර දෙන බලදාරින්ගෙන් ඉල්ලා සිටීම සදහා මෙම මකර තොරණ මතට නැග විරෝධතාව සිදු කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

අද උදෑසන හයට පමන මකර තොරණ මතට මෙම පුද්ගලයා අද උදෑසන අටයි හතලිස් පහ පමන වන තෙක් විරෝධතාව සිදු කල අතර එම අවස්ථාවේ දී එහි පැමිණි යුද හමුදාවේ මේජර් වරයෙක් මෙම ගැටලුව සම්බන්ධයෙන් ව්සදුමක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමග ඔහු විරෝධතාව අතහැර දැමීය.

පසුව ඔහු සාකච්ඡාවක් සදහා කුඹුක්කන යුද හමුදා කදවුර වෙත රැගෙන යන ලදී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com