www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනුරපුර මිශ්‍ර පාසලේ තවත් අසභ්‍ය හැසිරීමක් - පාසල් බලධාරීන් CCTV දර්ශන මකලා


2020-02-12 10:28:58 -  516 යි

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක පාසල් සිසුවියක හා සිසුවකු පාසල තුළඅස්ලීල ආකාරයෙන් සිටියදී නියෝජ්‍ය විදුහල්පතිවරියක අතට අසුවීමෙන් පසුව ඇයගේ හිසට බරපතළ තුවාල සිදුවන ලෙස පහරදී පලායෑමේ සිද්ධියට සම්බන්ධ වූ දෙදෙනා හඳුනා ගැනීමට තිබූ සියලුම සාක්ෂි විනාශ කිරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා හා අංශ භාර විදුහල්පතිනියක කටයුතු කර තිබෙන බව අදාළ විද්‍යාලයේ ගුරුවරු පිරිසක් අනාවරණය කළහ.

එම සිද්ධියෙන් පැය 6ක් ගෙවීයෑමටත් මත්තෙන් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සඳහා නිවාස (හවුස්) සෑදීමට පැමිණි උසස් පෙළ සිසුවියක හා සිසුවකු ඉදිකර තිබූ නිවාසයක් පිටුපස මධ්‍යම රාත්‍රියේ අස්ලීල ආකාරයෙන් සිට ඇත. ගුරුවරුන් කිහිපදෙනකු හා සිසු සිසුවියන් ඒ අසළට පැමිණෙද්දී සිසුවා සහ සිසුවිය පලාගොස් සැඟවී ඇති බව වාර්තා වේ.

එම සිදුවීමට සම්බන්ධ වූ සිසුවිය හා සිසුවා සෙසු සිසුන් විසින් හඳුනාගෙන තිබෙන අතර නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පෙර දිනයේ මධ්‍යම රාත්‍රියේ සිදුවූ එම සිදුවීම පාසල පුරා ළැව් ගින්නක් ලෙස පසුදින පැතිර ගොස් තිබිණි. එදින සවස්වරුවේ සිදුවූ බරපතළ සිදුවීම විද්‍යාලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව ඇතත් විදුහල්පතිවරයා හා අංශ භාර විදුහල්පතිනියක එක්ව එහි දත්ත මකා දමා ඇති බවට ගුරුවරු පිරිසක් චෝදනා කළහ. 

සිද්ධිය වූ ගොඩනැඟිල්ල අභ්‍යන්තරයේ ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක නොවූවත් ඔවුන්ගේ ක්‍රියාව නියෝජ්‍ය විදුහල්පතිනිය දැකීමෙන් පසුව බියට පත්වූ සිසුවිය හා සිසුවා ගොඩනැඟිල්ලෙන් පිටතට පැමිණ කලබලයෙන් පාසලෙන් පිටව යන අයුරු කැමරා පද්ධතියේ සටහන්ව තිබිය යුතු වුවත් එහි දර්ශන කිසිවක් දත්ත ගබඩාවේ නැති බව ඔවුහු කීහ. 

සිද්ධිය වී පැය 24ක් ගෙවී යෑමට මත්තෙන් ආරක්ෂිත කැමරා දර්ශන විනාශ වීමට හැකියාවක් නොමැති බවත් එසේ දත්ත විනාශ වන්නේ නම් එවැනි කැමරා පද්ධතියක් පාසලට අවශ්‍ය නැති බවත් ඔවුහු කීහ. 

මෙම සිද්ධිය වසන් කර සිසුන්ට ඇවැසි අන්දමින් පාසල තුළ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට විදුහල්පතිවරයා හා තවත් අයකු ආරක්ෂිත කැමරා දර්ශන මකාදමා තිබෙන බවද ඔවුහු කීහ.

මහේෂ් විජේසූරිය 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com