www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෛද්‍ය සාෆි බිල්ලට ගන්න කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‍ෂට මහ ඡන්දයට අවස්ථාවක් ඉල්ලා අත්සන් පන්දහසක පෙත්සමක්


2020-02-12 07:42:40 -  360 යි

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛi සරත් වීරබණ්ඩාර මහතාට මෙවර මහ මැතිවරණයේදී ශ‍්‍රී.ල. පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස එම රෝහලේ කාර්ය මණ්ඩලය, හෙද විදුහලේ සහ අගතියට පත් වූ මව්වරුන් ඇතුළු පන්දහසකගෙන් සමන්විත අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
 
 වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් සිදු කළ සීසේරියන් සැත්කම්වලින් පසු දරුවන් අහිමි වූ බව කියන සිංහල මවුවරුන්ට යුක්තිය ඉෂ්ට කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරමින් සිටින්නේ වෛi සරත් වීරබණ්ඩාර මහතා බව එම පෙත්සම ඉදිරිපත් කර සිටින රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටිති.
 
 මෙම පෙත්සම ඉදිරිපත් කර සිටින පිරිස පවසන්නේ වෛi ෂාෆි සිදු කළ සිසේරියන් සැත්කම්වලින් සහ සිංහල මවුවරුන්ට දරුවන් අහිමිවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා වෛi සරත් වීරබණ්ඩාර මහතා දැඩි කැප කිරීමක් සිදු කළ බවයි.
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විමර්ශනය ක‍්‍රියාත්මක වෙද්දී එය වෛi ෂාෆිට පක්‍ෂපාතීව සිදු කරන බවට වෛi සරත් වීරබණ්ඩාර මහතා විශාල හඬක් නැගුවේය.
 
 මේ සම්බන්ධයෙන් වෛi සරත් වීර බණ්ඩාර මහතාට එරෙහිවද එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළ අතර එක්තරා අවස්ථාවකදී වීර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමට පවා ඔවූහු උත්සාහ කරමින් සිටියහ.
 
 මේ සියලූ කරුණු සැලකිල්ලට ගෙන වෛi ෂාෆි නිසා අගතියට පත් වූ සිංහල මවුවරුන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා වෛi සරත් වීරබණ්ඩාර මහතා මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුවට පත් කර ඒ හරහා විශාල හඬක් නැගීමට අවස්ථාව ලබා දිය යුතු බව කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය සහ අගතියට පත්ව සිටින මවුවරු පවසති.
 
 එබැවින් වෛi සරත් වීරබණ්ඩාර මහතාට මෙවර මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස මෙම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com