www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බන්ධනාගාර බසයකට ප‍්‍රහාරයක් එල්ල කර පාතාල ප‍්‍රබලයකු ඝාතනය කිරීමේ සැලසුමක්


2020-02-12 07:34:08 -  605 යි

කළුතර එතනමඩල දී අංගොඩ ලොක්කා ඇතුළු පිරිස පාතාල නායක සමයං ඝාතනය කළ ආකාරයෙන් යළිත් බන්ධනාගාර බසයක් ඉලක්ක කර පාතාල ප‍්‍රහාරයක් එල්ල කරමින් බන්ධනාගාරගත පාතාල ප‍්‍රබලයකු ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් කල්ලිය මෙන්ම වෙනත් ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් දැනට බන්ධනාගාරගතව සිටින සමයංගේ ගෝලයන් කිහිපදෙනකු හෝ ඔවුන් සමග සමීපව සිටින කොස්ගොඩ තාරක ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල විය හැකි බවටද වාර්තා වී ඇත.

අදාළ පාතාල සාමාජිකයන් නඩු කටයුතු සඳහා බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන ඒමේදී සමයං ඝාතනය කළ ආකාරයෙන්ම මෙම ප‍්‍රහාරය එල්ල විය හැකි බවද බුද්ධි අංශ අනතුරු අගවයි.

යම් ආකාරයකින් එවන් ප‍්‍රහාරයක් එල්ල කෙරුණහොත් එය අදාළ සැකකරුවන්ගේ ආරක්‍ෂාවට යන බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිතවලටද බලවත් තර්ජනයක් බව ඇතැම් බන්ධනාගාර නිලධාරීහු සඳහන් කරති.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වූ පොලිස් කණ්ඩායමක් පසුගියදා බණ්ඩාරගම ප‍්‍රදේශයේ වැටලීමක් සිදු කර මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවූ ජාවාරමකට අනුව ගෙන්වූ බව කියන මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ නවීන ගිනි අවි දහයක්ද පොලිසියට හසුවී තිබිණි.

පාතාල මත්කුඩු ජාවාරම්කරුවන් පාකිස්තානයේ සිට මත්කුඩු තොග මෙරටට ගෙන ඒමේදී ආර්.පී.ජී. අවි ඇතුළු ගිනිඅවි රහසේ රැගෙන ඒම සිදුවන බවටද බුද්ධි අංශ විසින් පසුගිය කාලයේ අනාවරණය කරගෙන තිබිණි.

මෙවැනි තර්ජනාත්මක වටපිටාවක් නිර්මාණය වී තිබියදී දැනට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සහ පාතාල නායක සමයංගේ ගෝලයන් හිටි හැටියේ වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට බන්ධනාගාර ලොක්කෙකු දැඩි උත්සාහයක යෙදී සිටින බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com