www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසා දමා තිබූ ඕමන්තේ මුරපොල යළිත් ක්‍රියාත්මක කරයි


2020-02-11 10:45:11 -  492 යි

යුද සමයේදී ක්‍රියාත්මක වූ වවුනියාවේ ඕමන්ත සීමා මුරපොළ අසල යළිත් යුදහමුදා මුර කපොල්ලක් ක්‍රියාත්මක කොට තිබේ.

මේ මුරපොළ හරහා ගමන් කෙරෙන සියලුම වාහන පුද්ගලයන් හා ගමන්මලු දැඩි ලෙස පරීක්ෂා කිරීමට පටන් ගෙන තිබේ.

වවුනියාවේ ආරක්ෂක අංශවලින් මේ පිළිබඳව විමසූ විට ඔවුන් කියා සිටියේ උතුරු පළාත හරහා විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වීමේ ප්‍රවණතාවක් ඇති නිසා මේ ස්ථානයේ මුරපොළක් ක්‍රියාත්මක කොට ඇති බවයි.

රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com