www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

10 ශේ‍ර්ණියේ දරුවා 8 ශේ‍ර්ණියේ දැරියක් සමග ලිංගිකව හැසිරෙද්දී පැමිණි නි. විදුහල්පතිනියට සිසුවා සිහි නැති වෙන්නම ගහලා


2020-02-10 11:13:13 -  2861 යි

අනුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර  පාසලක ඉදිකෙරෙමින් පවතින දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දුටු හෙයින් ඇයගෙන් බේරීමට සිතා සිසුවා එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් සිහිසුන්ව බිම ඇදවැටී හිසට බරපතළ තුවාල සිදුවූ නියෝජ්‍ය විදුහල්පතිනිය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා විය.

අදාළ සිදුවීම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් වසන් කර ඇති බවත් බරපතළ තුවාල ලබා සිටින නි.විදුහල්පතිනියගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක් පවා සිදුකර නොමැති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාල ලැබූ නියෝජ්‍ය  විදුහල්පතිනියත් අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට වෙනත් ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් වාර්තා විය. අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුවි තිබෙනා අතර නියෝජ්‍ය  විදුහල්පතිනියගේ හිසෙහි බරපතළ පැළුම් තුවාලයක් ඇති බවද අනාවරණය වෙයි.

සිද්ධිය වූ දිනයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු දැක තිබේ.

ඇය එම ස්ථානයට යනවාත් සමඟම පාසල් සිසුවා විදුහල්පතිනිය එන බව දැක ඇයට බිම ඇදවැටෙන ආකාරයට වැරෙන් තල්ලු වන අන්දමේ පහරක් එල්ලකර ඇති අතර එම පහරෙන්  බිම ඇදවැටී හිස පුපුරා යෑමෙන් සිහිසුන්ව වැටී තිබේ.

ඇගේ වාසනාවට මෙන් ශිෂ්‍ය නායිකාවක් සුළු වේලාවකදී එහි පැමිණ තිබෙන අතර සිහිසුන්ව ලේ ගලමින් සිටින නියෝජ්‍ය විදුහල්පතිවරිය දුටු සිසුවිය වහාම ඒ සම්බන්ධයෙන් විදුහලේ සිටි ගුරුවරුන් හා සිසුන් පිරිසකට දන්වා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබිණි.

පසුව ඇය විසින් සිදුවූ සිද්ධිය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ට දන්වා තිබෙන අතර පාළු තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලේ අඹු සැමියන් ලෙස හැසිරුණු සිසුවිය හා සිසුවා පලායෑමට එල්ලකළ ප්‍රහාරයෙන් සිහිසුන්වී බිම ඇදවැටීම නිසා ඔවුන්ව හඳුනාගත නොහැකි වූ බව ඇය පවසා තිබිණි. අදාළ ස්ථානයේ තිබි සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමක් විද්‍යාලයේ ගුරුවරුන්ට හමුවී තිබේ.

විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු සෙසු විදුහල්පතිවරුන්ට පාසල තුළ සිදුවන අකටයුතුකම් පිළිබඳව කිසිදු අවධානයක් නොමැති බව සිද්ධිය සැලවූ මවුපියෝ කියා සිටින අතර නියෝජ්‍ය විදුහල්පතිනියගේ වාසනාවට මෙන් සිසුවියක එහි යෑම නිසා ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකි වූ බවත් පැවැසූහ.

යම් හෙයකින් ඇය අධික වේලාවක් එම ස්ථානයේ සිහිසුන්ව සිටියේ නම් අවාසනාවන්ත මරණයක් පවා සිදුවීමට ඉඩතිබූ බව ඔවුහු පැවැසූහ. විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා පාසල ආයාලයේ ගොස් ඇති බව ඔවුහු පැවැසූහ.

මෙම සිද්ධියට සම්බන්ධ වූ දැරිය හා සිසුවා විද්‍යාලයේ අටවැනි ශේ්‍රණියේ හා දහවැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන්නන් බවට විද්‍යාලයේ සෙසු දරුවන්ට හා ගුරුවර ගුරුවරියන්ට අනාවරණයවී තිබෙන බව මවුපියෝ අනාවරණය කළහ. විදුහල්පතිනියගේ හිසෙහි අඟල් පහක පමණ තුවාලයක් තිබෙන බව අනාවරණය වූ අතර සිද්ධියට මුහුණදුන් ඇය දැඩි මානසික කම්පනයකට ලක්ව තිබෙන බවත් පැවැසේ.

මහේෂ් විජේසූරිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com