www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පූජිත බලපෑම් කළ බව කී විශ්‍රාම ගිය DIG යළිත් සේවයට කැඳවයි


2020-02-10 10:47:32 -  581 යි

සහරාන් කල්ලිය පිළිබඳව පළමුව තොරතුරු හෙළි කොට පසුව දේශපාලන පළිගැනීම්වලට ලක්ව විශ්‍රාම යාමට සිදුවූ බව කියන නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනට යළි සේවා දිගුවක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මාවනැල්ල බුදු පිළිම කැඩූ සිද්ධියට අදාළ විමර්ශන හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යටතේ අරඹා වනාතවිල්ලුව සහරාන්ගේ පුහුණු කඳවුර සොයා ගැනීම දක්වා විමර්ශන සිදු වුණා.මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර යටතේ තමාට දේශපාලන බලපෑම් එල්ල වූ බව පාස්කු කොමිසම හමුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කළා.

එමෙන්ම තමාට එරෙහිව අසත්‍ය චෝදනා තනා ඉන්දුක සිල්වා නමැති රහස් පොලිසියේ නිලධාරියකු ලවා තමා අත්අඩංගුවට ගැනීමට හිටපු පොලිස්පතිවරයා කළ කුමන්ත්‍රණයක් ගැනද දේශපාලන පළිගැනීම් කමිටුව වෙත පැමිණිලි කිරීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පියවර ගෙන තිබුණා.. මෙම කුමන්ත්‍රණය ගැන ඉන්දුක සිල්වා නමැති නිලධාරියා මේ වනවිට වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක්ද කර තිබෙනවා.ඒ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com