www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දළදා මාළිගාව අවට වසා දැමූ මාර්ග යළි විවෘත කරන්නැයි ඉල්ලති


2020-02-10 09:34:45 -  208 යි

ආරක්‍ෂක හේතූන් මත රථ වාහන ධාවනය සහ වාහන නවතා තැබීම තහනම් කර ඇති රජවීදියේ කොටසක් හා පන්සල වීදිය ද, දේව වීදියද නැවත විවෘත කර මෝටර් රථ වාහන නවතා තැබීමට ඉඩසලසන ලෙස එම වීදිවල ව්‍යාපාරික ප‍්‍රජාව සහ වෙනත් වෘත්තිකයන් මහනුවර මහ නගර සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

දළදා වන්දනාවට රථ වාහනවලින් පැමිණෙන බැතිමතුන් සහ විදේශීය සංචාරකයන් මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවත් නීතිඥවරුන් මාර්ග වසා තිබීමෙන් දුෂ්කරතාවට පත්වී සිටින බව පෙන්වා දෙමින් එම මාර්ගයන් නැවත විවෘත කරදෙන ලෙස ඉල්ලමින් හැටඑක් දෙනකුගේ අත්සනින් සංදේශයක් මහනුවර නාගරික කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ආරක්‍ෂාව සඳහා වසා තැබීමට ලක්වූ මාර්ගය නැවත විවෘත කරන ලෙස ඉල්ලා ඇති සංදේශයෙන් ප‍්‍රහාරයෙන් පසුව වසා දමන ලද වෙනත් ප‍්‍රදේශවල මාර්ග නැවත විවෘත කර ඇති බව පෙන්වාදී තිබේ.

වසා තිබෙන මාර්ග විවෘත කිරීමෙන් බැතිමතුන්ට මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවට ද සෙසු වෘත්තිකයන්ටද පහසුකම් සැලසෙන බව සංදේශයෙන් තවදුරටත් පෙන්වාදී තිබේ.

ශී‍්‍ර දළදා මාළිගාවට සහ දේවාල කීපයකටද මෝටර් රථවලින් පැමිණෙන බැතිමතුන්ට අපහසුවක් මෙයින් සිදුවන බව සංදේශයෙන් පෙන්වාදී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com